YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 1

1
ජේසුස් වහන්සේගේ වංශාවලිය
(ලූක් 3:23-38)
1ආබ්‍රහම්ගේ ද දාවිත්ගේ ද පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වංශාවලිය මෙසේ ය. 2ආබ්‍රහම්ට දාව ඊසාක් ද, ඊසාක්ට දාව ජාකොබ් ද, ජාකොබ්ට දාව ජූදා සහ ඔහුගේ සහෝදරයෝ ද උපන්හ. 3ජූදාට දාව තාමාර්ගෙන් පෙරෙශ් හා ශෙරා ද, පෙරෙශ්ට දාව හශේ‍රොන් ද, හශේ‍රොන්ට දාව ආරාම් ද, 4ආරාම්ට දාව අමිනාදාබ් ද, අමිනාදාබ්ට දාව නාෂොන් ද, නාෂොන්ට දාව සල්මොන් ද, 5සල්මොන්ට දාව රාහාබ්ගෙන් බෝවස් ද, බෝවස්ට දාව රූත්ගෙන් ඕබෙද් ද, ඕබෙද්ට දාව ජෙස්සේ ද, 6ජෙස්සේට දාව දාවිත් රජ ද උපන්නෝ ය.
දාවිත් රජුට දාව උරියාගේ භාර්යාව වී සිටි ස්ත්‍රියගෙන් සලමොන් ද, 7සලමොන්ට දාව රෙහොබෝවම් ද, රෙහොබෝවම්ට දාව අබියා ද, අබියාට දාව ආසප් ද, 8ආසප්ට දාව ජෙහොෂාපාත් ද, ජෙහොෂාපාත්ට දාව ජෝරාම් ද, ජෝරාම්ට දාව උශ්ශියා ද, 9උශ්ශියාට දාව ජෝතාම් ද, ජෝතාම්ට දාව ආහස් ද, ආහස්ට දාව හෙසකියා ද, 10හෙසකියාට දාව මනස්සේ ද, මනස්සේට දාව ආමොස් ද, ආමොස්ට දාව ජෝසියා ද, 11#2 රාජා 24:14-15; 2 වංශා 36:10; ජෙර 27:20බබිලෝනියට විප්‍රවාසගතවීම සිදුවූ මේ කාලයේ දී ජෝසියාට දාව ජෙකොනියා ද ඔහුගේ සහෝදරයෝ ද උපන්නෝ ය.
12බබිලෝනියේ විප්‍රවාසයෙන් පසු ජෙකොනියාට දාව ෂෙයල්තියෙල් ද, ෂෙයල්තියෙල්ට දාව සෙරුබාබෙල් ද, 13සෙරුබාබෙල්ට දාව අබියුද් ද, අබියුද්ට දාව එලියාකිම් ද, එලියාකිම්ට දාව ආශොර් ද, 14ආශොර්ට දාව සාදොක් ද, සාදොක්ට දාව ආකීම් ද, ආකීම්ට දාව එලියුද් ද, 15එලියුද්ට දාව එලෙයාසර් ද, එලෙයාසර්ට දාව මත්තාන් ද, මත්තාන්ට දාව ජාකොබ් ද, 16ජාකොබ්ට දාව මරිය තුමීගේ පුරුෂයා වූ ජෝසෙප් ද උපන්නෝ ය; මරිය තුමීගෙන් ක්‍රිස්තුස් නම් වූ ජේසුස් වහන්සේ උපන් සේක.
17මෙසේ ආබ්‍රහම් පටන් දාවිත් දක්වා පරම්පරා සියල්ල දස සතරකි; දාවිත් පටන් බබිලෝනියේ විප්‍රවාසගතවීම දක්වා පරම්පරා දස සතරකි; බබිලෝනියේ විප්‍රවාසගතවීමේ කාලයේ පටන් ක්‍රිස්තුන් වහන්සේ දක්වා පරම්පරා දස සතරකි.
ජේසුස් වහන්සේගේ උපත
(ලූක් 2:1-7)
18 # ලූක් 1:27 ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූයේ මෙසේ ය. උන් වහන්සේගේ මෑණියන් වූ මරිය තුමී ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටිය දී, ඔවුන් එක් වන්න පෙර, ශුද්ධාත්මයාණන් අනුහසින් ඈ ගැබ්ගෙන සිටින බව දැනගන්නා ලදී.
19ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසෙප්, සත් පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින්, රහසින් ඇය අත්හැරදමන්න සිතාගත්තේ ය. 20එහෙත්, ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටිය දී, සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී, “දාවිත්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳ වන මරියා පාවාගන්නට බිය නොවන්න; මන්ද, ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසින්. 21#ලූක් 1:31ඈ පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතු ය; මන්ද, සිය සෙනඟ ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමාණෝ ය”යි කී ය.
22මේ සියල්ල සිදුවූයේ සමිඳාණන් වහන්සේ දිවැසිවරයා ලවා කියෙවූ කීම ඉටු වන පිණිස ය. එනම්:
23 # යෙසා 7:14 “මෙන්න, කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නී ය;
උන් වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනු ඇත,”
යනු ය. ඒ නාමයේ අර්ථය නම්, “දෙවියන් වහන්සේ අප සමඟ ය” යනුයි.
24ජෝසෙප් නින්දෙන් අවදි වූ විට සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට අණ කළ ලෙස, සිය බිරිඳ කැන්දාගෙන ගියේ ය. 25#ලූක් 2:21එහෙත්, ඇයට පුත්‍රයා ලැබෙන තුරු ඔහු ඇය සමඟ එක් නො වී ය. ඔහු උන් වහන්සේට ජේසුස් යන නාමය තැබී ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy